ඔබ මෙතනයි:  මුල් පිටුව

යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අක්තපත්‍ර බාර දෙයි

නව තානාපති සහ යුනෙස්කෝවේ නිත්‍ය  නියෝජිත මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා යුනෙස්කෝ මූලස්ථානයේදි එහි අධ්‍යක්ෂ ජනරාල් අයිරිනා බොකෝවා  මහත්මිය වෙත ජූනි 5 දා සිය අක්තපත්‍රය බාරදුන්නේය.

වෘත්තියෙන් නීතිවේදියකු වන මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ඇමරිකාවේ නිවේඩා විශ්ව විද්‍යාලයේ අපරාධ යුක්ති විනිශ්චය දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයා ලෙස සේවය කර ඇත. ඔහු 1976 සිට 1981 දක්වා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.

මහාචාර්ය හඟවත්ත මහතා අපරාධ සහ බලය අනිසි ලෙස යෙදීම නිසා වින්දිතයන් බවට පත්වන අයගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය කෙටුම්පත් කළ විශේෂ කමිටුවේ සාමාජිකයෙකු ලෙසද සේවය කර ඇත.

 

විමසුම : www.news.lk

 
Submit to FacebookSubmit to Google BookmarksSubmit to TwitterSubmit to LinkedIn